ඌව වෙල්ලස්ස පුරාවට විදු සරසවියක් ලෙසින් අද වැජඹෙන මො/මල්වත්තාවල මැදී මහ විදුහලෙහි ආරම්භය 1925 දී මල්වත්තාවල රජ මහා විහාරයයි. 1954 වසරේ සිසු සිසුවියන් 21 දෙනෙකුගෙන් මො/මල්වත්තාවල විදුහල ඇරඹුණි. 60 x 20 ගොඩනැගිල්ලක තැනුණු විදුහල ගුරු නිවාසයකින්ද සමන්විත විය. කොස්ලන්දේ ඥාණවිමල ස්වාමීන් වහන්සේගේ හා ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් තැනුණු පුංචි පාසැල ස්වාමීන්වහන්සේගේ ඉල්ලීම අනුව විහාරස්ථානයේ නමින්ම ප්‍රචලිතව පවතී.
විද්‍යාලයීය අභිමානය පරිපූර්ණත්වයට පත් වෙමින් 1966 වසරේදී මහා විද්‍යාලයක් බවට පත් වූයේ විදුහල්පති ඩී. ඩී ලියනගේ මහතාගේ පාලන අවධියේදීය. ක්‍රමයෙන් ශිෂ්‍ය සංඛ්‍යාවෙහි වර්ධනයක් සමගම අධ්‍යාපන සංවර්ධනයේ පියවරක් ඉදිරියට තබමින් 1979-09-09 දින විදුහල්පති ආර්.ඩී. නිශ්ශංක මහතාගේ නායකත්වය යටතේ මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් විය.ජාතික පාසලක අභිමානය විද්‍යාලයට හිමි වූයේ 1993-01-21 දින විදුහල්පති ජී.ටී. කරුණාරත්න මහතාගේ පාලන අවධියේදීය.
විද්‍යාලයීය සිසු දරුවන් නව අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ තාක්ෂණ විෂය ධාරාව උසස් පෙලට එකතු වූ අතර, විෂය සංවර්ධනය සඳහා මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයක් හා මහින්දෝදය විද්‍යාපීඨයක ආරම්භය හිමි වූයේ විදුහල්පති සොමිපාල රාජපක්ෂ මහතාගේ පාලන අවධියේදීය
අධ්‍යාපන සංවර්ධනයේ ඉහළ ප්‍රගතියක් දරමින් අ.පො.ස. සා/පෙළ සමත් දරු දැරියන් රැසක් කිතු ගොසට උර දෙමින් සිටින අතර විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ විශාල පිරිසක්ද පාසලේ බිහිවීම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. ජාතක හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක්ම බිහිවී ඇති මෙම පාසලේ සාර්ථකත්වයට මග පෙන්වන දිරිමත් සවිමත් ගුරු පිරිසක් සිටීම අගය කළ යුතුමය.